පසුගියදා අවිස්සාවෙල්ල කොස්ගම සාලාව යුධ හමුද කඳවුරේ 'උප උණ්ඩ ගබඩාව' ගිනිගෙන විනාශ වී යෑමේ වගකීම එම ගමබාව මිට මාස කිහිපයකට පෙර බාරව සිටි හමුදා නිළධාරියා මත පැටැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව හමුදා ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පරිසරික විනාශය ගැන වාර්ථාවක් බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවට බාර දීම, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ලබන 15 වන දින සිදු කිරීමට නියමිතය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෙන ආ ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පිහිටවූ එම අධිකාරියේ සභාපතිධුරය ඉසුලූ මහාචාර්ය ලාල් ජයකොඩි මහත හා ප්‍රධාන විධායකධුරය ඉසුලූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වන තැනට වැඩ සලස්වා මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දොස්තර කමල් ජයසිංහව පත් කර තිබේ.

පසුගියදා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සංචාරය සඳහාත් ප්‍රභූ( VIP) පහසුකම් ලබා දෙන්නැයි විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ. පසුගිය මාසයේ උගන්ඩාවේ සංචාරය කිරීම සඳහා වන වියදම සහ ප්‍රභූ පහසුකම් විදේශ අමාත්‍යංශය විසින් ලබා දී තිබිණි.

රටේ ආර්ථික ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් මේවන විට පවතින ජනතා විරෝධය යටපත් කිරීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ එම ඇමැති තනතුර වෙනස් කිරීම හෝ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්ර්න් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකිරීම යන දෙකෙන් එකක් ‍තෝරා ගැනීම විය යුතු බවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අගමැතිවරයාගේ පාර්ශ්වයට දැනුම් දී ඇත්තත් අගමැතිවරයා මහ බැංකු අධිපති කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා ගෙන සිටින බව දැන ගැනීමට තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා කොස්ගම සාලාව උණ්ඩ ගබඩාව පිපිරීමෙන් පසුව කීවේ තමන් මෙම ගබඩාව අනාරක්ෂිත බැවින් එහි තිබූ උන්ඩ වේයන්ගොඩ ගබඩාවට ගෙන ගොස් දැමූ බවය. මේ ගැන විමල් වීරවංශලා වැනි ගොබ්බ දේශපාලකයන්ද කීවේ ගෝඨාගේ වැඩ පිලිවෙල මේ ආණ්ඩුව ක්‍රියත්මක නොකිරීම නිසා සාලාවේ අනතුර වූ බවය. එහෙත් වේයන්ගොඩ උණ්ඩ ගබඩාව යනු කිසිදු ලෙසකින්වත් ආරක්ෂක ක්‍රමවේදයක් හෝ පවත්වාගෙන ගිය ගබඩාවක් නොවන බව මේ වනවිට හෙළිව තිබේ.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා දැනට සිටින සාමාජිකයින් 24ට අමතරව තවත් සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us