ඒ අනුව සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා හාදියාගේ දුරකථනයට ලැබුණ දුරකථන ඇමතුම් ලක්ෂයක් පමණ අධ්‍යයන කරමින් සිටින බව විමර්ශන නිලධාරියකු අනාවරණය කර තිබේ.
මෙම විමර්ශනවලදී අන්තවාදී මත උගන්වන දේශන සඳහා එක්වූ එකසිය පනහක පමණ පිරිසක් ගැන අනාවරණය වී ඇත. එයින් දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ හැත්තෑවකට ආසන්න පිරිසකි.
සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියා ඇතුළු සිව් දෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ඊයේ (23) අත්අඩංගුවට ගත්තේ ද මෙම අන්තවාදී දේශනවලට සහභාගිවීම හා ඒවා මෙහෙයවීමේ චෝදනාවටය.