මෛත්‍රී මහින්ද එකමුතුවකට එරෙහිව සිටි විජිතමුණි සොයිසාව ආණ්ඩුවට එක්කර ගනිමින් ඇමැතිකම් ලබා දීම සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය විරෝධය පළ කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට සමීප විශ්‍රාමලත් මේජර් ජෙනරාල්වරුන් කිහිප දෙනෙකු ඊයේ ඔහු හමු වී තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට තමන්ගේ හිතෛෂීන් අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කිරීම සඳහා නම් ලැයිස්තුව සකසා අවසන්ය. ඒ අනුව සියලු ඇමැතිවරු කටයුතු කළයුතු බව පවසා ඇත. නමුත් මේ වන විට හොර අගමැතිගේ ඇමති මණ්ඩලය දිවුරුම් දී හෝ නම් කිරීම සිදුකර නැත.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතිල්ල ගෑණි දාලගිය මිනිහාගේ අඬවැඩියාවට දෙයක් නැත. ඒ ගැන ඕනැවටත් වඩා දේ ලියැවී තිබේ. අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් අජිත් මුතුකුමාරණගේ සිංදුවක් ඇසුවාට කමක් නැත. ඒ අපුල විඳිය හැකිය..ඒ නිසා ඒ ගැන සඳහන් නොකරමු.

මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය ගෙනත් දෙන්නේ නැත්නම් තමන් ඉල්ලා අස්වන බව මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අනතුරු අඟවා තිබේ. අද දහවල් පැවැති සාකච්ඡාවකදි මේ බව පවසා තිබේ.

අරලියගහ මන්දිරය හමුදාව යොදා මුදවා දිය හැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ගේ හොර අගමැති මහින්ද රාජපක්ෂට අද උදෑසන කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ, සිරිසේන ජනාධිපතිවරයාට දැන් අලුත් බෝලයක් පාස් කරමින් සිටියි. හදිස්සියේම නැකතක් බලලාද කොහෙදෝ ජනාධිපති කාර්යාලයට ගොස් අමාරුවෙන් ජනරජ නාමය වරද්ද වරද්දා දිවුරුම් දුන් රාජපක්ෂ උන්නැහේ සිරිසේන ජනාධිපතිවරයා තමන්ට එන්න කියා අගමැතිකම භාර ගන්න කියූ නිසා එසේ කළ බව කියා තිබේ.

ජනාධිපතිවරයාගේ ඓතිහාසික පාවා දිමට එරෙහිව දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු අද උදෑසනම ජනාධිපතිවරයා හමුවෙ තමන්ගේ තීරණය දැනුම් දි ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us