ඉතාලියේ මිලානෝ එජාප , එක්සත් මිලාන් ශාඛාවේ ප්රචාරක ලේකම්වරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා චන්න ජයවික්‍රම නැමැති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයාට එරෙහිව කප්පන් ඉල්ලීම, තර්ජනය කිරීම, පුද්ගලයන් ඉලක්ක කර සමාජ ජාලාවල මඩ ප්‍රචාරයන් කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ මිලානෝ නුවර (Milano via larga) අධිකරණයට මේ පිළිබඳව අද දින(26) පැමිණිල්ලක් සිදු කර ඇත.
මහින්ද, බුද්ධි අංශ 'පීචං' කර දමයි. මහා බංකර් හැදුවේ දුන්නු තොරතුරු නිසාලු.
ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය.
අපි ගත්තේ ලක්ෂ 68 යි, 150 ක් ගත්තේ නෑ - චන්න, උපුලී
හම්බන්තොට වරාය විවෘත කිරීම උළෙල වෙනුවෙන් තම නර්තන ආයතනය ලක්ෂ 150 ක මුදලක් අය කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව පවසන චන්න විජේවර්ධන මහතා එ වෙනුවෙන් අය කළේ ලක්ෂ 68 කට ආසන්න මුදලක් පමණක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි පවසයි.
ආරක්ෂාවට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට රජය වැඩි බර තබයි
ලබන වසරේ රජයේ වැඩිම වියදම ආරක්ෂක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයයන් සඳහා ඇස්තමේන්තුගත කරමින් 2016 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (23 දා) සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ CSN කාර්යාලයකුත් තිබිලා ! (ඡායාරූප)
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයේ එක් කාමරයක් තුල රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්(CSN) හී කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙළිව තිබේ.
මෙන්න, මහින්දගේ පොළව යට මාළිගාවේ ඡායාරූප ! ඒකේ නැකත හදල තියෙන්නෙත් සුමනදාස.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධකොට එම පරිශ්‍රයේ පොළව යට ඉදි කොට ඇති අධි සුඛෝපභෝගී මන්දිරය ඉදිකිරීම සඳනා නැකත් බැලීම, බහිරව පූජා පැවැත්වීම, වාස්තු දෝශ බැලිම ආදිය සිදු කොට තිබෙන්නේ රාජකීය දෛවඥාඥයා ලෙස වැඩ සිටි සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් බව ජනාධිපති මන්දිරයේ සේවකයෝ පවසති.
විශේෂ කාර්යයන් පිළිබඳ ඇමැති ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
කොළඹ ජනාධිපති මන්දිරය යට තවත් සුඛෝපභොගී මාළිගාවක් !
මෙතුවක් කල් මාධයයට අනාවරණය නොවූ සුඛෝපභෝගී මන්දිරයක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය යට ඉදි කොට ඇති බව අද දින(22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට පෙන්වන ලදී.