නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04 ) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.

වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක පවසනවා.

රුපියල් කෝටි 60ක වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් කිලෝ 80ක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

හුදෙකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් අද (4) අලුයම සිට හුදකලා බවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වල පාසැල් 11වන ශ්‍රේණිය සිසුන් සදහා ලබන 25 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් සදහන් කරයි. මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙම තීරණය ගත්බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ

විදෙස් රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. කුවේට් ,ඩුබායි ,සෞදි අරාබි, සිංගප්පූරු යන රට වලින් මෙම පිරිස පැමිණ ඇත්තේ. ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මධ්‍යස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us