කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක් ඉදිකිරීමට සැලසුම් !

Published in පුවත්
Saturday, 08 May 2021 11:13

දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම රෝහල් ඉදිකිරීමට අවශ්‍ය පාරිසරික වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලින් ඉල්ලා ඇති බවය.

කොරෝනා රෝගීන් වෙනුවෙන් අලුතින් ඇඳන් 18,000 ක් සෑදීමට කටයුතු කරන බව ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ ය.

එසේම දිවයිනේ රෝහල් 32 ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය තුළ අවසන් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර කොරෝනා රෝගීන්ට අධිවේගයකින් ඔක්සිජන් සැපයුම සිදු කළ හැකි හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි ඒකක 136 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතය.
කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, නවසීලන්තයේ නිෂ්පාදිත එම උපකරණ ඉන්දියාව හරහා මිලදී ගන්නා බවය.

හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි ඒකකවල වටිනාකම රුපියල් මිලියන 60 කට අධිකය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us