පොල් තෙල් සදහා අති විශෙෂ ගැසට් නිවේදනයක් !  

Published in පුවත්
Saturday, 08 May 2021 10:45

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට අති විශෙෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේනවා.

ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.

පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් වෙත මෙම නියෝගය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද දිනයේ මැලේසියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබේන අතර අදාළ පොල් තෙල් බහාලුම් රැගෙන යෑම සඳහා නෞකාවක් ඊයේ (07) රාත්‍රීයේ කොළඹ වරායට ළඟා වී ඇති බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us