පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා මෙය විවාදයට ගැනෙනු ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේනවා.

රජය ඇණවුම් කළ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ දිවයිනට ලැබිමට නියමිත බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීමට ගොස් එහිදී ලබාගත් “සෙල්ෆි“ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීම හේතුවෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

මෙරටට පැමිණීමට නොහැකිව ඩුබාහි රැඳී සිටි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් හමුවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබු අතර ඔවුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පිරිසට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැපයිනි.

පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය කර සක්‍රීය කාබන් ලෙස යුරෝපීය වෙළෙඳපොළට අපනයනය කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර තිබෙනවා.

කිසියම් පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us