කොළඹ සෞඛය නීති කඩ කල අය ඔසවා ගෙන යයි !

Published in පුවත්
Friday, 07 May 2021 19:06

සෞඛය මාර්ගෝපදේශ කඩ කරමින් සිටි පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේනවා.

ඒ අනුව කොටුව දුම්රියපොළ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,මල්වත්ත පාර හා ගාලුමුවදොර ආශ්‍රිතව එම මෙහෙයුම් සිදුකර තිබේ.

මේ අනුව මුහුණු ආවරණ නොමැතිව සහ මුහුණු ආවරණ නිසියාකාරව නොපැළඳ මාර්ගවල ගමන්ගත් පිරිස් වැඩි වශයෙන් එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

නිරෝධායන රීති කඩකරමින් යතුරුපැදිවල ගමන් ගත් පිරිස් සහ බස්රථවල ගමන් ගත් පිරිස් කටයුතු කළ ආකාරය වීඩියෝ සාක්ෂි සහිතව අත්අඩංගුව ගෙන තිබේ.

දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙන පිරිස් සඳහා නඩු පැවරීමට කටයුතු කරන අතර සෙසු අය අවවාද කර මුදා හැරීමට කටයුතු කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම මෙහෙයුම් ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us