ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව පළවී තිබෙනවා මෙම මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් පමණ වන බවයි සදහන් වන්නේ.

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.

සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවරගන්නා බව වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයට ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (NDT) පාඨමාලාව සඳහා සිසුන් ඇතැළත් කර ගැනීමේ සියලු තොරතුරු ලබන ඉරිදා (22) සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කරන ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මුදල් පනත යටතේ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ කළ බව කියන චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (19) නියෝග කළේය.

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ (International Chamber of Commerce -ICC) සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා ඊයේ (18) පස්වරුවේ මෙරටට පැමිණියාය.

විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම මණ්ඩලය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us