ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව සිටින බවට පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත බෙනට් කුරේ පවසයි. ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් පුද්ගලයන් 17 දෙනකු පලස්තීනය තුළ රැඳී සිටින බවට මේ වනවිට තහවුරු කරගෙන තිබෙන බවද හෙතෙම කියයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන තිබෙන අය ඇතුළු සැකකරුවන් හය දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (16) නියෝග කළේය.

අධිවේගී මාර්ගයේ බිමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මධුමාධව අරවින්ද පොලිසිය විසින් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා කඩවත පොලීසියට භාර දී තිබේ.

සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබේ .අද (16) මුම්බායි හි පැවති 141 වැනි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සැසියේදී ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇත.

පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ රුපියල් කෝටි 4ක ආදායමක් ලැබු බව කුමන ජාතික වනෝද්‍යාන, උද්‍යාන භාරකාර ඩී. වී. සමරනායක පවසයි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරය රවී කරුණානායක මහතාට ලබාදෙන බවට සහ එජාපයේ තනතුරු වල විශාල වෙනසක් වන බවට මාධ්‍ය තුළ කතා බහක් පැතිර ගියද ඒ සම්බන්ධයෙන් පසුගියදා රැස්වු එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණයක් ගෙන නොමැති බව වාර්ථා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us