කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේනවා .
අද අලුයම 02.15 ට පමණ මෙම එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත . කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් - 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.
අද කැබිනට් තීරණයක් නොගතහොත් ගුරු සටන දැඩි වන ලකුණු !
වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අද (9 වැනිදා) තීරණයක් නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.
ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන විසින් පවතවනු ලැබු විරෝධතාවයට සම්බන්ධ වූ සිසු නායකයන් සොයා රටපුරා පොලිස් මෙහෙයුම් දියත් කර තිබෙන බවට චොදනා එල්ලවේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක්- පැය 24 කදී ආසාදිතයින් 1762ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සදහා ජනාධිපතිගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රටේ නිපදවන ඔක්සිජන් සියල්ල කොවිඩ් රෝගීන්ට - ටෙන්ඩර් නැතිව මිළදී ගන්නත් යයි
මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන සියලූම ඔක්සිජන් තොග කොවිඞ් රෝගීන් වෙත ලබාදිය යුතු තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) සවස අනාවරණය කළේය.
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමාකරයි - දැඩි සංචරණ සීමා යළි පැනවෙන ලකුණු
සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.