ලක්විජය බලාගාරයේ අක්‍රිය වී පැවති තුන්වන ජනන යන්ත්‍රය ඊයේ(11) සවස වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවු බව වාර්තාවේ.

5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පත්කර තිබේ.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.

හෙට (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එළැඹෙන වසර දෙක තුළදී ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ.

මෙරට එකතු කළ අගය මත බදු එහෙමත් නැතිනම් වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමටත් මෙතෙක් වැට් බදු සඳහා බල නොපෑ භාණ්ඩ හා සේවාවන් ගනනාවක් ඒ සඳහා ඇතුලත් කරගැනීම සිදුව තිබේ. මේ තත්වයන් අනුව යලළි භාණ්ඩ හා සේවන් වල මිල ඉහළ යෑම ගැන විශාල කතිකාවත් නිර්මාණ වී තිබේ. කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවව තුළ මෙම බදු සංශෝධනයට අදාලව පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමට නියමිතය.

කල්බදු වාරික හිඟ වාහන ඇති වාහන හිමියන් සොයා ගොස් එම වාහන කල්බදු වාරික ඉදිරියට ගෙවාගෙන යාමේ පොරොන්දුව මත අඩු මිලට මිල දී ගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන සකස්කර අන්තර් ජාලයේ දැන්වීම් පළකර අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඊට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් ඊයේ (10) වන විට අත්අඩංගුවට ගෙන වාහන රැසක්ද සොයාගෙන ඇත.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිර වශයෙන්ම ඉදිරිපත්වන බවත් ඔහු ජයග්‍රහණය කරන බවත් Chatham Street Journal පුවත්පත විශේෂ වාර්ථාවක් පළ කර ඇත. එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්ථා කර ඇත. එසේම ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇත්තේ ජවිපෙ අනුර කුමාර බවත් සඳහන් කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us