නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ දින (27) රට පුරා යුක්තිය මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපුවෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් වංචා විමර්ශන ඒකකය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

හියුමන් ඉමියුනොග්ලොබින් කුප්පි පනස්හයදාහක් තිබියදීත් රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වැය කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සැකකරුවන් එන්නත් කුප්පි ගෙන්වමින් පොදු දේපොළ පනතේ වරදක් සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළාය.

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

අද (28) දිනයේ වරාය තුළ ආරම්‍භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us