බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සිය කැමැත්ත පළකර තිබේ.
දැවි තෙල් ජාවාරම ගැන ජනාධිපති විමර්ශන අංශයෙන් පරීක්ෂණ !
දැවි තෙල් ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
තුන්වැනි මාත්‍රාවක් ලෙස ෆයිසර් දෙන්න තීරණය වේ !
තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන පස් වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් ලබා දෙයි !
මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
මෙරට සංචාරක ක්ෂේත්රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබේ.
එන්නත්කරණය ආරම්භ කර වසරකට ආසන්න කාලයකට ළගා වෙමින් තිබෙන නිසා ඉදිරියේදී ඇතැම් විට බූස්ටර් ඩෝස් එකක් ලබා දීමට සිදු වුවහොත් දැනට පවතින එන්නත්කරණ වැඩපිළිවෙල සීමා කිරීමට සිදු වන බැවින් හැකි ඉක්මණින් පැමිණ එන්නත ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා.