මැතිවරණය කල් යයිද ?

Published in පුවත්
Wednesday, 20 March 2024 09:29

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුන හොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් සීමානිර්ණ කටයුතු අවසන් කළ යතු බවය.

"මේ වනවිට මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මිශ්‍ර සමානුපාතික ක්‍රමයකට ගෙනයෑම පිළිබඳව තමයි මේ යෝජනාව. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම්, ඒ හරහා එහි එක කොටසක් හැටියට එන සීමානීර්ණ කිරීම නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම පිළිබඳ යම් එකඟතාවයක් තිබිය යුතුයි. යම් විදියකින් සීමානීර්ණය අවසන් නොවුණොත් ඉදිරි අගෝස්තු මාසය වෙනවිට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලත් පවතින මැතිවරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන ආකාරයේ සංශෝධනයක් මේ කෙටුම්පත තුළ ඇතුළත් වීම අනිවාර්යයි. එහෙම නොවුණොත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා, නීතිය සම්මත වෙලා සීමානිර්ණය අවසන් නොවී තියෙන්න පුළුවන්."

මේ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අමාත්‍ය මණ්ඩල යෝජනාව පිළිබඳව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ, එය ජනතාවගේ ඉල්ලීමක් බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us