දිවයින පුරා පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක්......

Published in පුවත්
Tuesday, 19 March 2024 14:14

දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.03.19 දින සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කටයුතු කර ඇත.

 

මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේවනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබන අතර, සෑම කණ්ඩායමක් සදහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 02 ක් ඇතුළු නිළධාරීන් 09 ක ගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමග අනුයුක්ත කර ඇත.

පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් පොලිස් මුලස්ථානය සදහන් කර ඇත.

WhatsApp Image 2024 03 19 at 11.33.20 7a0c3faf

WhatsApp Image 2024 03 19 at 11.33.21 a35a3346

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us