ගාල්ල-කොළඹ ප‍්‍රධාන මාර්ගය චීන ජාතිකයන් පිරිසක් විසින් අහුන්ගල්ල ප‍්‍රදේශයේදී  ලී දඬු දමා අවහිර කිරීම නිසා පැයක පමණ වේලාවක් පාර අවහිර විය.

'මිස් අර්ත් -2013' කිරුළ දිනා සිටින කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් මහා තරගයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමටයි. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රුවන් කල්පගේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට භාර දී ඇත. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමකදී සලකා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කරයි.

ආණ්ඩුව මහපොළ හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පවත්වාගෙන යන ක්‍රමවේදය මෙතෙක් අවුරුදු 15ක් 20ක් පුරාවට නොපැවති බවත් ආණ්ඩුව සිසුන්ට ශිෂ්‍යාධාර වෙනුවට රැකියා කිරීමට බලකරන බවත්  මේ නිසා ක්‍රමයෙන් ශිෂ්‍යාධාර මුදල අහෝසි කරන ක්‍රමවේදයක් ආණ්ඩුව සකසමින් සිටින බවට සැක මතුවන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඊයේ අලුයම 02ට පමණ ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවකුගේ කට බැඳ පහර තියුණු ආයුධයකින් කපා කොටා පළා ගොස් ඇතැයි වාර්තාවේ.

නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට බව ගොවිජන සංවර්ධන කාර්යාලය පවසයි.  එහි ජල කළමනාකරන අංශයේ ප‍්‍රධානී ප‍්‍රභාත් විතාරණ මහතා  සදහන් කළේ එම දිස්ත‍්‍රික්කවල භූගත ජලය ද සිදී ගොස් ඇති බවයි.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරු ළිඳකට වැටී මිය යාමෙන් පසු  සිදු කෙරුණ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනහළුවල ජලය නොතිබීමත් , දිව තුවාල වී තිබීමත් සැක සහිත කරුණු බව ප්‍රකාශවී ඇත. 

කොලොන්නාව නගර සභාවේ ඉකුත් 02 දින දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එහි උප සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වැල්ලම්පිටිය ‍පොලීසිය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us