විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මොහාන් සිල්වා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

උප සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න මහතාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ඉල්ලීමක්‌ කරන්නේ නම් ඊට අවස්‌ථාව ලබාදෙන බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අධිකරණ හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ, ජාතික විධායක සභාව අද(11) රැස්වී අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යටතේ ප්‍රකාශයට පත් වන “දිනමිණ” පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයා වශයෙන් තරුණ මාධ්‍යවේදියකු වන චාමර ලක්ෂාන් කුමාර මහතා ව පත් කර තිබේ.

රක්නා ලංකා සමාගම හා ඇවන් ගාර්ඩ් සමාගම සම්බන්ධයෙන් මේවන විට ඇති වී තිබෙන ගැටළුකාරිත්වය ගැන දූෂණ විරෝධි පෙරමුණද විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරනු ලබයි.

රුපියල් බිලියන 520 ක වියදමින් තැනීමට සැලසුම් කර තිබූ උතුරු අධිවේගී මාර්ගය මඟින් බරපතල මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් නවතා දැමුණු අතර පසුව නැවත ටෙන්ඩර් පරික්ෂා කිරීමෙන් එය රුපියල් බිලියන 348ක අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ ඉන්ජිනේරූ සමාගමට ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මැද පෙරදිග රටවල සේවා සඳහා ගොස් සිටියදී අාබාධිත වූ සහ මරණයට පත්වූවන්ට වන්දි මුදල් පිරිනැමීමක් අද(10) විදේශ කටයුතු අමාත්‍යාංශෙය්දී සිදුවිය.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us