මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රබල දේශපාලනඥයන් පිරිසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා නමගිය පාතාල කල්ලි පහක සහාය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.බස්‌නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්‌ඩත්වය වපුරුවා මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම මොවුන්ගේ අරමුණවී ඇතැයි නවරත්න මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 ) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ඊයේ (08) නාමයෝජනා අත්සන් කර ඇත.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට නැවත තරග කිරීමට තීරණය කළ බව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පැවසීය. චමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට තරග නොකොට දේශපාලනයෙන් සමු ගන්නා බව පසුගිය දිනවල වාර්තා විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම මහමැතිවරණය සඳහා ලබන 10 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කිරීමට නියමිත බව විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා පවසා ඇත. ඒ, අද (08) පෙරවරුවේ ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලය කැඳ වූ රැස්වීමක දී ය. 

ඊයේ(07) රාත්‍රියේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයද  ඇතිව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රි ලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන අය  ජාතික ලැයිස්තුවෙන් තමන්ට මන්ත්‍රීධුර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනාධිපති සම්බන්ධීකරන ලේකම් ශිරාල් ලක්තිලක මහතා ජාතික හෙළ උරුමයේ නම මකා පිහිටවූ එක්සත් යහපාලන පෙරමුණ සමඟ එකතු වීම සඳහා මේ දිනවල චම්පික රණවක මහතා සමඟ දුරකතන සංවාදයක යෙදී සිටින බව වාර්තාවේ.

පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානය විසින් අද(08) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පෙත්සමක් අත්සන් කරන ලදි. ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව බණ්ඩාර පවසා සිටියේ මේ වනවිට මධ්‍යම ආණ්ඩුව විසින් පාසල්වලට ලබා දියයුතු ප්‍රතිපාදන කපා හරිමින් පාසලේ නඩත්තුව පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවමින් තිබෙන බවයි. මේ ආකාරයෙන් පාසල්වලට දහස් ගණන්වල සිට ලක්‍ෂ ගණන්වලින් මුදල් එකතුකිරීම නිසා දුප්පත් ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා නැතිවෙමින් පවතින අතර මේ වනවිටත් දුප්පත් පවුල් කිහිපයකම දරුවන් පාසල් යෑම නවත්තා ඇති බවත් පැවසීය. (සංජීව බණ්ඩාරගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න)

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us