රටේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාවලියට විපක්ෂයද සහය දැක්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් පවසයි.වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ සෑහිමකට පත්විය හැකි බවද උන්වහන්සේ සදහන් කරයි.

හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක මහතා හා දී.මු. ජයරත්න යන මන්ත්‍රීවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයෝ ලෙස පත් කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන හරහා පෞද්ගලික අංශය සඳහා සිදුකෙරෙන යම් අනිවාර්ය පඩි වැඩිකිරීමක් නිසැකවම අත්තනොමතිකා හා නිදහස් වෙළඳ ආර්ථිකයේ මුලිකාංග වලට පටහැනි වන අතර එම පදනමේ සිට ලංකා සේව්‍ය සම්මේලනය මෙම පඩි වැඩි කිරීමේ යෝජනාව තරයේ හෙලා දකින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රවී පිරිස් මහතා ඊයේ (8) වන දින ජිනීවා නුවර පැවැත්වෙන ලෝක කම්කරු සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල සියල්ලම පාහේ මේවන විට වසා දමා ඇති බව වාර්තාවේ.

දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 ක් සදහා MT-2 වැටුප් තලය ලබා දීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා අමාත්‍යාංශ ලේකම් ලලිත් ගුණවර්ධන මහතා එකගවී අැති බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සදහන් කරයි.

අවම බස් ගාස්තුව රුපියල් 10ක් ලෙසත් අනෙක් ගාස්තු 10% කිනුත් ඉහළ දමන ලෙසට බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර අැත.

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ.

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us