'මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි'යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිවයින පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක දැක්වේ.

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආරක්ෂක නිවාස, හමුදා නිලධාරීන්, ඔවුන්ගේ මෙහෙයුම් හා එම මෙහෙයුම සඳහා භාවිත කළ යුද උපකරණ පිළිබඳ නිල රහස් හෙළි කිරීම ඇතුළු අධි චෝනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කුලසිරි උඩුගම්පළ මහතා ඊයේ (15) ප්‍රථමවරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධූරය යළි ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පැවැති පාලනයට වසර 12ක් තිස්සේ ඉටු කිරීමට නොහැකි වූ දෙය යහපාලන ආණ්ඩුව පත්වී කෙටි කලකින් ඉටු කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. සුළුතර බලයකින් ඉටු කරමින් සිටින ජනතා මෙහෙවර ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිතව ඉටු කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

සාගර විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස තිලක් ධර්මරත්න මහතා පත් කර ඇති අතර ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොරොන්දු පත්‍රයක් ලෙස ඉදිරිපත් කරනු ලැබූ දින සියයේ වැඩ පිළිවෙල යටතේ පසුගිය අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් මේ දක්වා ඒ සිදු නොකරන්නේ එජාපය නායක රනිල් වික්‍රමසිංහ මහතාව මට්‍ටු කිරීමට බව ශ්‍රීලනීප ජේෂ්ඨයෙකු පැවැසීය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් අඩකට වැඩි ප්‍රමාණයකින් බැටකන වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගෙන් ප්‍රදේශයේ වන අලින්ගේ වාසභූමි අක්කර පන්සියයකට වැඩි පමාණයක් සුදු හඳුන් හා අඹ වගාවන් සඳහා එලි පෙහෙලි කිරීමට පුද්ගලික සමාගම් දෙකක් විසින් කටයුතු කිරීම නිසා එම ප්‍රදේශයේ සැබෑ භූමි පුත්‍රයින් වන අහිංසක දුප්පත් ගොවි ජනතාව හා අලි ඇතුන් ප්‍රමුඛ වනසතුන් දැඩි අසාධාරණයකට ලක්ව සිටිති.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකින් තොරව මැතිවරණයකට යාමට අවශ්‍යතාව ඇත්තේ දේශපාලන වාසි ලබන පිරිසකට මිස මේ රටේ ජනතාවට නොවන බව කැෆේ සංවිධානය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us