නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන 2015 සයිබර් අවකාශය පිළිබද ලෝක සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් .පී.පෙරේරා සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

වත්මන් රජයේ පාලන කාලය තුළ ජනතාවගේ ජීවන බර අවම කිරීමට හැකි වීම නිසා වසර ගණනාවකට පසු ජනතාවට පීඩාවකින් තොරව අවුරුදු සැමරීමට අවස්ථාව උදා වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඇල්පිටිය නගරයේ ඊයේ (11) පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, අපවත්වී වදාළ අති පූජ්‍ය කීර්ති ශ‍්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛි මහනාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

නීත්‍යනාකූල ආකාරයෙන් හමුදා සේවයෙන් ඉවත් වීමට ලබා දී ඇති පොදුසමා කාලය තුළ සෙබළුන් 10,000කට අධික පිරිසක් හමුදා සේවයෙන් ඉවත් වී ඇත.

අලුත් අවුරුදු උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වුවත් එහි අදායම රුපියල් මිලියන 135ක් වීම හේතුවෙන් එම වසරේ අලාභය රුපයිල් මිලියන 678කි. එම අලාභය කොළඹ වරායේ අදායමෙන් පියවා තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අමාත්‍යවරයා සඳහන් කරයි.

ld add copy

Connet With Us