සතොස ආයතනය මඟින් අලෙවි කරන සෑම මුහුණු ආවරණයකින්ම ලැබෙන ආදායමෙන් රුපියලක මුදලක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ රුපියල් කෝටියක් දක්වා ණය මුදල් ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට හුදෙකලා(Lockdown) කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.

අද වන විට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දෙසීය (200) ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

උදා වූ නව වසරට අගමැති මහින්ද රාජපක්ෂ සුභාසිංසන පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එක ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කරගන්නා ලෙසත්, දේශීයත්වයට මුල් තැන ලැබෙන රජයේ ආර්ථික දැක්ම ඔස්සේ රට තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් ඇති වීම ස්ථීර බවත් ඒ තුළ ජනතාවගේත් රටේත් අනාගතයට සෞභාග්‍ය උදාවනු ඇති බවත්ය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us