2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පස්සර – බදුල්ල මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

2009/2010 වර්ෂවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ld add copy

Connet With Us