1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ නම් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඔහු බව අර්ජුන රණතුංග මහතා පවසයි.

එළඹන මහ මැතිවරණයේ ඡන්ද විමසීම් ප්‍රතිපලය අනුව කිසිවෙකුට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි බව මේවන විට ප්‍රත්‍යක්ෂ වී ඇති බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කළ ආකාරයෙන්ම ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා මේවන විටත් කටයුතු සූදානම් වෙමින් තිබේ.

සුන්දර යුවතියක් මහින්ද රාජපක්ෂ මහතා ගේ පි‍ටුපසින් ගමන් කරනායුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පසුගිය දින කිහිපයේදී ෆෙස්බුක් ජාලයේ සැරි සරනු දු‍ටුවෙමු. මේ තරුණිය කවුරුන්ද යන්න සොයා බලනාවිට දැන ගත්තේ අැය අයේශා මධුෂාණී නම් නිරූපන ශිල්පිනියක් බවය.අැය නර්තන කණ්ඩායමක්ද පවත්වාගෙන යනු ලබයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ඊයේ(02) දිනය දක්වා කාලය තුල ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක් වාර්තා වී තිබුණත් ගත වූ පැය 24 ක කාලය තුළ මහ මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක් වාර්තා වී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

සෝමරත්න දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය රවි ජයවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කළුතර පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ "දැන් මේ දවස් කියන්නේ තැපැල් ඡන්දය ගැන කතා කරන කාලේ, බොහෝ විට ලංකාවේ දේශපාලනයේදී විශාල වශයෙන්ම ඒ සඳහා භාවිතා වෙන පිරිසක් තමයි රජයේ සේවකයෝ, විශේෂයෙන් මොන අධ්‍යාපන සුදුසුකම තිබුණත් අද වන විට රජයේ රස්සා ගන්න නම් දේශපාලඥයන්ගේ පස්සේ යන්න වෙලා තියෙනවා."

පල්ලි යෑම අතෑරලා කාලයක්.. ඒත් මොන එකක්ද මන්දා පහුවුනු ඉරිදාවක පල්ලි යන්න හිතුණා වෙනසකටත් එක්ක.. පූජාව තිබ්බෙ පුංචි ස්වාමි... පුංචි ස්වාමිගෙ දේශනාව මුළුමනින්ම දේශපාලනිකයි. ඒ වගේම එය බයිබලයේ විමුක්ති දැක්මත් එක්ක අත්‍යන්තයෙන්ම සමපාතයි. මට පුදුමත් හිතුණා මෑත කාලයේ පල්ලියක, අල්තාරයක ස්වාමි කෙනෙක්ගෙ එහෙම දේශනයක් මං ඇහුවමයි......

පසුගිය කාල සීමාව තුළ රටේ දේශපාලනය නම් වාහනය පැදවීමේ සුක්කානම වටා වාඩි වීමට අවස්ථාව ලැබුනේ දූෂිතයන්ට සහ පාතාලකාරයින්ට බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්න මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් එක්ව අද (03)පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ld add copy

Connet With Us