ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ.

පසුගිය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් අද (14) පැවැත්වීමට නියමිතව අැත.

ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතීන් හා හිත්වතුන් වූ හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක්‌ මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වාහන අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ලබන 29 වැනිදාට අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.
හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා හිටපු ඇමැතිනි පවිත්‍රා දේවී වන්නි ආරච්චි  මහත්මිය ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. 

worky

worky1

ld add copy

Connet With Us