රුපියලේ තත්වය හා රටේ ආර්ථිකය, මහබැංකු වාර්තා අනුව කෙටියෙන්
ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයේදී පස්වන වරටත් වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. ණය ශ්‍රේණි පහළ දැමීමත් සමඟ ආයෝජකයන් විසින් තැන්පත් කළ මුදල් ඉවත් කර ගැනීම හා පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව තිබූ ණය ආධාර සම්බන්ධ සාකච්ඡා ප්‍රමාද වීම එයට හේතුව වී තිබෙනවා.
සොරෙක් තමා විසින් සොරකම් කළ භාන්ඩ නැවත ආපසු භාරදුන්නත් සොරකම, සොරකමම බවත්, මෛත්‍රීපාල ජනපති විසින් මේ සොරකම් කොට ඇත්තේ, හැට දෙලක්ෂයකගේ ජනතා පරමාධිපත්‍යය, නොඑසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් සොරෙක් සොරබඩු කිසියම් පුද්ගලයෙකුට භාරදේන්නේ නම් දැනුම් තේරුම් ඇති වැදගත් පුද්ගලයෙකු එවැනි දෙයක් භාර නොගන්නා බවත් එවැනි දේ භාරගන්නේ ස්ථාවර නොවන ව්‍යාපාරිකයන් බවත් පා.ම වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදීන් අමතමින් අරලියගහ මන්දිරයේදී පැවසීය.
ඔක්තෝබර් 26 දායින් පසුව පත්කරන ලද නීති විරෝධි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය මගින් රජයේ හා සංස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය අනුබද්ධ ආයතනයන්හි සිදුකොට ඇති නීති විරෝධි පත්කිරීම් හා ලබාදී ඇති උසස්වීම් සියල්ල තම රජයක් යටතේ අවලංගු කිරීමට පියවර ගන්නා බැව් පා.ම අජිත් පෙරේරා මහතා අද අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
එජාපය දෙකඩ කිරීමේ සමාජ ජාලා මෙහෙයුමක්.. ඉතාලියේ සිට ක්‍රියාත්මකයි
මේ වන විට දේශපාලනිකව බංකොලොත් වී සිටින රාජපක්ෂවරු තමන්ට අභියෝගයක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටී. මේ වන විට සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් එජාපයේ කණ්ඩායම් අතර බරපතල අර්බුධයක් ඇති බවට ව්‍යාජ පුවත් බෙදාහැරීමෙහි යෙදී සිටී.
රේගුව ඇල්ලු ඩොලර් 53,455 මහින්ද නිදහස් කළ බව මුදල් අමාත්‍යංශ්‍ය පිළිගනී !
මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඇමරිකානු ඩෝලර් 53,455 ක් මෙරටින් පිට කිරීමට ගොස් රේගු අත් අඩංගුවට ගත් ඩෝලර් 53,455 නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පිළිගෙන තිබේ.
රේගුව ඇල්ලු ඩොලර් 53,455ක් හොරාටම දෙන්න, මහින්ද නියෝග කරයි !
මෙරට ආගමන විගමන නීති වලට පටහැනිව මෙරටින් රහසිගතව ගෙන යෑමට සූදානම් වූ අමරිකානු ඩෝලර් 53,000 ක මුදලක් පසුගිය මාසයේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.
19 වන සංශෝධනය: තුන් කට්ටුවේ තීන්දුව හත් කට්ටුව ආපසු හරවයිද ? නීති ක්ෂේත්රයේ කැළඹිල්ලක්
වත්මන් ජනාධිපති සිරිසේන බලයට පත් වීමෙන් පසුව විධායක ජනාධිපතිධුරයේ බලතල අවම කිරීම වෙනුවෙන් ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව යළි අභියෝගයට ලක් වීමේ හැකියාවක් ඇති බව නීති ක්ෂත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.
කෘෂි බදු සහනය ජාවාරම්කාර වුවමනාවක්. ගොවියාට ඇති සහනයක් නෑ - මංගල
මුදල් අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික අංශය සදහා බදු සහන වැඩසටහනක් නොබෝදා නිවේදනය කරන ලදී. නමුත් මෙම ඉදිරිපත් කර ඇති සහන මගින් එම කර්මාන්තයට ඇති කිසිදු බලපෑමක් නැත.