බස්නාහිර පළාතෙන් පිටවීමේදී, අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවලදි අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කර තිබේනවා.

ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පිළිගත හැකි සාධාරණ යුක්තිසහගත හේතු දැක්වීම් වලින් තොරව සහ ශ්‍රී ලංකා පාර්ශ්වයේ හේතු දැක්වීම් වලට හෝ ඉඩක් නොතබා ශ්‍රී ලංකාව අවදානම්කාරී ආර්ථිකයක් සහිත රටක් බවට පහළ ශ්‍රේණිවලට ඇද දැමීම සිදුව තිබෙන වාතාවරණය තුල ඒ නොතකා බලවත් යුරෝපීය රාජ්‍යයක් වන ප්‍රංශය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අභීත පියවරක් තබා ඇත.

ලබන වසර වන විට ලංකාවේ සියලු දෙනාට නිවසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට නියමිත බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් කෙරෙහි රජයේ අවධානය යොමුව නැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා පසුගිය මාර්තු මාසයේදී විශේෂ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවට පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වන බවයි නිවේදනය කරන්නේ.

කොවිඩ් - 19 වෛරසයට එරෙහිව නිපදවූ දේශීය ඖෂධය ලබා ගැනීමට,නැවත දැනුම්දෙන තුරු සිය නිවසට රැස් නොවන ලෙස එම ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලීමක් කර තිබේ.

නඩු ලක්ෂ 08 ක් දිවයින පුරා අධිකරණවල විභාග කිරීමට ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් මධ්‍යම හා ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ld add copy

Connet With Us