මුතුරාජවෙළ සංරක්ෂණයට මිලියන 100ක් වෙන් කෙරේ !

Published in පුවත්
Wednesday, 23 February 2022 10:56

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙක්ටෙයාර් 6236කින් සමන්විත මුතුරාජවෙළ තෙත් බිම හෙක්ටෙයාර් 3168ක් මීගමුව කළපුව දක්වාත්, හෙක්ටෙයාර් 3068ක් වගුරුබිමකින් ද සමන්විතය. මුතුරාජවෙළ තෙත්බිම බොහෝ දෙනෙක් කොළඹ ජනතාවගේ පෙණහැල්ල ලෙස හදුන්වති. එයට හේතුව මෙම තෙත්බිම මගින් කොළඹ නගරයේ වායුදූෂණය අවම කිරීමට ලබා දෙන දායකත්වය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ භූගත ජල ස්ථරය පෙරීමට ලක් කරන පෙරහණක් වශයෙන් ද කටයුතු කරන නිසාය.

දශක කිහිපයක් තිස්සේ නොයෙක් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මුතුරාජවෙළ තෙත්බිම දූෂණයට හා විනාශයට ලක්විය. මේ සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුතුරාජවෙළට ගොස් ඒ සම්බන්ධව පුද්ගලිකවම කරුණු සොයා බැලීය.එහිදී මුතුරාජවෙළ දූෂණයට ලක් කළ ඇතැම් කර්මාන්තශාලාවල පරිසර
බලපත්‍ර පවා තහනම් කරනු ලැබීය. කෙසේ වුවද එහි ප්‍රතිපලයක් වශයෙන් මුතුරාජවෙළ පාරිසරික සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට රජය තීරණය කළේය.

මෙම සංරක්ෂණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. මුතුරාජවෙළ සංරක්ෂණ කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් පවා පත් කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් පියවර ගත්තේය.

පරිසර අමාත්‍යාංශයට අයවැය මගින් ලබා දී ඇති රුපියල් මිලියන 2000න් රුපියල් මිලියන 100ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් 2022 වසර සඳහා ලබා දීමට තීරණය කර තිබේ.

අප රටෙහි ධන නිධානයක් බදු ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම පාලකයන්ගේ පමණක් නොව සමස්ත රට වැසියාගේම වගකීමක් ,යුතුකමක් වනු ඇත..රටේ සියලු අභියෝග මැද ඒවාට නොසැලී මුහුණ දෙමින් සිටින වත්මන් රජය මෙරට පරිසරය සංරක්ෂණය කෙරෙහිද අවධානයක් යොමුකරමින් ඒවා සංරක්ෂණයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් රට ඉදිරියට ගෙන යෑමට ගන්නා උත්සාහය පක්ෂ භේදයකින් තොරව ප්‍රශංසාවට ලක් විය යුතු කරුණක් වේ.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us