කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් ඉහළ ආදායමක්!

Published in පුවත්
Tuesday, 01 March 2022 19:54

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විවිධ ක්ෂේත්‍ර වල නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදන ක්‍රියාවළිය සිදු කරනු ලබයි.

මහින්ද රාජපක්ෂ මහතා පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කරන කාලයේදී ලබාදුන් රුපියල් මිලියන 300 ක මුදලින්, කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව ලාභ ලැබීම ආරම්භ විය. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කළ නව නිෂ්පාදන හා සංවර්ධන සැලැස්ම එයට හේතුවූ අතර , ඒ අනුව ගෙවුණු 2021 වසර අවසන් වන විට රුපියල් මිලියන 98 ක ලාභයක් ඉපැයීමට එය සමත් විය.

2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගා වූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගැනීම රජයේ විශ්වාසයයි.. වර්ෂ 1849 දී අරඹනු ලැබූ මෙම කර්මාන්ත ශාලාව මේවනවිට සියවස් එකහමාර කට වැඩි කාලයක් පසුකරමින් සිටියි.

පළමුව වඩුවැඩ පොළක් ලෙස ඇරඹී පසුව,කම්මලක්, යකඩ වැඩ පොළක්, මැෂින් වැඩ පොළක්, ඉලෙක්ට්‍රික් වැඩ පොළක්, පාලම් වැඩ පොළක් සහ යන්ත්‍ර්‍ර සූත්‍ර නිපදවන වැඩ පොළක් බවට පරිවර්තනයවූ මෙහි මුල් නම 1971 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව ලෙසින් වෙනස්වී තිබේ. මේවනවිට එහි නාමය, කොළන්නාව රජයේ කර්මාන්තශාලාව යන්නයි.

රජය වෙනුවෙන්ම අරඹනු ලැබූ මෙම කර්මාන්තශාලාව මේවනවිට රජයේ වැඩවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් පොද්ගලික් අංශයටද සිය සේවාවන් විවෘතකර තීබීම විශේෂත්වයකි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us