ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කිසි සේත් එකග වීමට නොහැකි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි. නායක මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ නියෝජ්‍ය නායක පී.දිගම්බරන් මහතාගේ විරෝධය ද නොතකමින් අදාළ සංශෝධනය කැබිනට් මණ්ඩලය තුළ සම්මත කර ඇති බවයි. පෙර යෝජනා කළ පරිදිම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 255 දක්වා ඉහළ දැමිය යුතු බවත් ඊට ජනතාව කිසිසේත් විරුද්ධ නොවන බවත් ඒ මහතා සදහන් කර සිටී.

පොලිස් නිලධාරීන් 1400ට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එජාපය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානෙය් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එජාපය සුළු ජාතික ඡන්ද වලින් මැතිවරණය ජයග්‍රහණය කළ බවට අැතැමුන් චෝදනා කළත් එජාපය යනු ජාතිවාදී පක්ෂයක් නොව හැමදෙනාටම එකවහළක් යටටවී තම අයිතිවාසිකම් දිනාගත හැකි පක්ෂයක් බවත් ඔහු පැවසුවේය.

ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී එය වඩා කාර්යක්ෂම අාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ප්‍රතිපත්ති සම්පාදන අාර්ථික කටයුතු යොවුන් ළමා හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

ඊයේ(08) කොළඹ  පැවති රැස්වීමකදී  අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික පැවසුවේ ඔක්තෝබර්  මාසයේදී  මන්නාරම් ප්‍රදේශයේ ගෑස් නිධි ගවේෂණය සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි.

ඊයේ සවස 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් භාර ගැනීම ගැන සතුටු වන බවත් ලබන සිකුරාදා වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන උපදේශන සමාගම ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ ඉරාන  සමාගමන් ඉල්ලුම් කරන පරිදි අරමුදල් ලබා නොදීමට තීරණය කළ බවයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැතැයි අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පෙන්වාදෙයි.

worky

worky1

ld add copy

Connet With Us