ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස් !

Published in පුවත්
Thursday, 05 October 2023 15:11

අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයාබලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නොඅඩුව සපයාදෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ඇත.

එසේම ඉදිරියේදී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදු වුවහොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම්දී තිබේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති වියහැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගංවතුර, තද සුළං, පස්කඳු කඩාවැටීම්, තද වැසි, ගල් පෙරළීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2,350ක පුද්ගලයන් 9,448 දෙනෙක් පමණ පීඩාවට පත්වී සිටී. අර්ධ හානි සිදුවූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපළ හානි 37කි.

මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල ස්ථාපනය කළ ප්‍රජා ආහාර සැකසීමේ මධ්‍යස්ථානවලදී ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සපයාදීම සිදු කෙරේ.

පවුල් 6,967ක් පුද්ගලයන් 25,553ක් ගංවතුරින් කොටුවී සිටින අතර ඔවුන් වෙත පිසූ ආහාර ලබාදීම යුද හමුදාව විසින් සිදු කරයි.

මේ අතර ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ස්ථානගත කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක් ද කෙරේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us