මේ වන විට ඉන්දියාවේ රැදී සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදය රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතයි.

පෞද්ගලික ගුවන් ධාවන පථ සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

දැනට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව විවාදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) පැමිණිල්ලට අවසර ලබාදුන්නේය.

හෙට (30) දිනයේ දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේනවා.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර ඇත.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශිය පොල් තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබේනවා.

ld add copy

Latest News

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකු...

Connet With Us