තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වන දා වන විට ජනතා අයිතියට පත්කළ හැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉල්ලුමට සරිලන විදිහට සැපයුම ලබාදෙන්න අවශ්‍ය කරන ඇගලුම් නිෂ්පාදන රටතුල තිබෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

පාසල් විවෘත කිරීමට අදාළව ජනාධිපතිතුමා පත්කළ තාක්ෂණික කමිටුව අද රැස්වී තිබෙනවා. එම කමිටුවේ වාර්තාව ලබන සිකුරාදා ජනාධිපතිතුමා වෙත භාර දීමට නියමිතයි.

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,605 ක් සුවය ලබා තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 411,233ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් තිබේ.

ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් 48%ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us