පළාත් 6ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

Published in පුවත්
Monday, 18 December 2023 08:10

අද(18) සිට දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම, උතුරු නැගෙනහිර පළාත්වල අද සිට දින 5 ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ.

ඊට අමතරම අදාළ පළාත්වල අද සහ හෙට විශේෂ කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කෙරෙන අතර හඳුනාගත් මදුරුවන් බෝ වන ස්ථාන සඳහා කීට නාශක යෙදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේ ය.

අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 82,036 ක් සහ මරණ 49 ක් වාර්තා වන බව සඳහන්.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us