"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම නෞකාව හිමි සමාගම පවසනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (04) ඉවත් වී තිබේනවා .

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදා දීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී සිදු විය.

ලෝක පරිසර දිනය හෙට (05 වැනිදාට) යෙදී ඇති අතර සෑම නිවසකම හෙට (5 වැනිදාට) සහ අනිද්දා (6 වැනිදා) ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද විවෘත කෙරුණා.

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ld add copy

Latest News

ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයට සුබ පණිවුඩයක්

ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයට සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය වෙනුවෙන් මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලි...

Connet With Us