පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසුවේය.

අස්වැසුම නව අයදුම්පත් කැඳවීම ද මේ මස ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සිංහ සමාජයේ ප්‍රධානත්වයෙන් බලපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් පහසුකම් සහිත වැසිකිළි ඉදිකිරීමට සූදානම් ව ඇතත් රෝහල් හෙදියන් සහ වෘත්තීය සමිතිවල ඇති විරෝධතාවය මත එහි ඉදිකිරීම් නතර වී ඇති බව බව බළපිටිය මූලික රෝහලේ රෝහල් අධිකාරි වෛද්‍ය අතුල ක්‍රිශාන්ත මහතා පවසයි.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස්  දුන්නේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව ඊයේ (04) රාත්‍රී 11.30 වනවිට උතුරු අක්ෂාංශ 14.5 සහ නැගෙනහිර දේශාංශ 80.3 ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) දහවල් වනවිට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවේ ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

"සජබ සමඟ සිටින එජාපයේ හිටපු ප්‍රබලයෙක් පසුගියදා 'මගේ දේශපාලන ජීවිතයේ අවසාන අරමුණ යූ එන් පී කාරයෙකු ලෙස අභිමානයෙන් මියයාම' යැයි පවසා තිබුණේ, රනිල් සමඟ එක්ව ජාතික එකඟතාවකින් යුතු පුළුල් ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂාවෙන් සිටින සජබ මන්ත්‍රීවරුන් පිරිස අතර පැවති සාකච්ඡාවකදීය.''

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us