විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට පළවන කටකථාවල සත්‍යයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය සියයට 100 ක් සාර්ථක වූ බවත්, ඒ අනුව ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් (credit line) ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත් අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

දියර කිරි නිෂ්පාදන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසරේ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (15) ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙන නව ගෑස් සමාගම කඩිනමින් පිහිටුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ වර්තමානයේ හටගෙන ඇති ගෑස් අර්බුදයන්ට ඒ තුළින් විසඳුමක් ලැබෙනු ඇති බවය.

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නිදහස් කරනු ලැබූ, කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිග වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබෙන බව දැන ගන්නට ඇතැයි, නීතීඥ චානක අබේවික‍්‍රම පවසයි.

මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (15 වැනිදා) අනාවරණය කළේය.

ld add copy

Connet With Us