ගුගල් සමාගමෙන් දුන් දත්ත පද්ධතියෙන් පළමු අත්අඩංගුව කොළඹින් Featured

Published in පුවත්
Tuesday, 19 December 2023 22:34

2023 වර්ෂයේ දී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය.

එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000ක් ලැබුණු බවත් ඇය සඳහන් කළාය.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්ද ඒ බව සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ,

"සයිබර් අවකාශය ඔස්සේ අපේ ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වාර්තා වෙනවා. මේක වළක්වා ගන්න පොලීසිය විසින් මේ සබන්ධයෙන් පවත්වාගෙන යන දත්ත පද්ධතියක් හා සම්බන්ධ වී වැඩ කිරීමට පොලීිසියේ ළමා හා කාන්තා කර්යංශයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ දත්ත පද්ධතිය හඳුන්වන්නේ 'International Centre for Missing & Exploited Children.' ලෙසයි."

"දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර සමාජ මාධ්‍යට සහ අන්තර්ජලායට මුදාහැරීමට කටයුතු කිරීමට අදාළ වාර්තා 146,000ක් ලැබිලා තිබෙනවා 2022 වසරේදී."

"සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූපය, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරිනවා නම් ඒවා මේ සාමාජ මාධ්‍ය තුළ බේදා හරිනවා නම්, නැතිනම් මෙවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු මේ අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග ඒ තොරතුරු හුවමාරු කරගන්නවා."

"මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරුතුරු යොමු කරනවා."

"ඒ රටවල්වලට දැනුම් දෙනවා.. ඔබගේ රටේ මෙවැනි අපරාධ සිද්ධ වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන සිදුවෙනවා කියා. මේ ආකාරයට ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධතාවය ලැබිලා තිබෙනවා." 

යනුවෙනි.

කෙසේ වෙතත් ගූගල් සමාගම හරහා ශ්‍රී ලංකා පොලීසිය වෙත හදුන්වා දුන් මෙම නව ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් වසර දෙකක කාලයක් තිස්සේ සිය ඥාති සොයුරියක් ලිංගික අපයෝජනයට ලක් කරගන්නා තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව  මෙය ගූගල් සමාගම මගින් ලබාදුන් අදාළ තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීමයි.

කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම තරුණයා අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරියක් වන 12 හැවිරිදි වියේ පසුවන දරුවෙකි.

සැකකාර තරුණයා දැරිය ලිංගිකව අපයෝජනය කරමින් ඒවා වීඩියෝ ගතකර ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us