මැතිවරණ ව්‍යූහයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක්
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ මෙන්ම නීතිරීති වල විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට ඒ සම්බන්ධයෙන් පත්කළ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේනවා.
ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
රටේ ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නැහැ !
ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය හෙට පාර්ලිමේන්තුවට !
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වසංගතය දුරලන්න පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතුයි - ආදිවාසී නායක
දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සදහන් කර ඇත.
එසේම මේ අවස්ථාවේ සෑම කෙනෙකුටම යුතුකමක් ඇති බවත්,පක්ෂ, පාට, ජාති, ආගම්, දේශපාලන වාද භේද සෑම දෙයක්ම අමතක කර රට ගැන සිතා වැඩ කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් ඔහු සඳහන් කර තිබේ.
-පංචාලි අබේසේකර
ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අද කැබිනට් මණ්ඩලයට !
2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට අද (17 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.