ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේනවා .

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝගකර තිබේ.

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේනවා .

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා එම කමිටුවට දැනුම් දී ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න ලෙසය.

රටේ පැතිර යන කොවිඩ් වසංගතය තත්වය හේතුවෙන් සංචරණ සීමා ඉකමවා ගිය තීරණයක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුප්‍රකට භික්ෂුන් වහන්සේ නමක් සමඟ පවසා ඇතැයි වාර්තා වේ.

ඊයේ බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබෙනවා. 

ld add copy

Connet With Us