විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත් කර ඇත්තේ.

වාසනාව කියන වචනයට පිටු පා තම උත්සාහය ,කැපවීම ,අධිෂ්ඨානය මත පමණක් ක්‍රියාකරමින් අද මෙරට ආර්ථිකයට පවා දායකත්වයක් සපයමින් සුවහසක් මිනිසුන්ට රැකි රක්ෂා ලබා දෙන අතරම සත් ක්‍රියාවන් ගැනිය නොහැකි ප්‍රමාණයකට දායකත්වය සපයපු ඇවන්ට්ගාර්ඩ් සමාගම අද තෛයිපොංගල් දිනය වෙනුවෙන් තවත් සත් ක්‍රියාවක් සිදු කර තිබේ...

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනවාරී 15 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ  ප්‍රධානත්වයෙන් හෙට (15) දින ජනතා අයිතියට පත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

නුගේගොඩ - කොහුවල මංසංදි ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස හංගේරියානු රාජ්‍යයේ මූල්‍යාධාර මත ඉදිකෙරන කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ (Peter Szijiarto)ගේ ප්‍රධානත්වයෙන් අද දින කොහුවල මංසන්ධියේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසයි.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) අදියර 2 ඉදි කිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ld add copy

Connet With Us