ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

Published in පුවත්
Thursday, 22 February 2024 11:59

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කළාපීය සමුළුවට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය Minh Hoan Le මහත්වරුන් ඊයේ (21) දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරනු ලැබීය.එම සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් දෙරට අතර කෘෂි තාක්ෂණය හුවමාරු කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේය. ඒ යටතේ කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකිම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පළිබෝධනාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවී ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයකට අදාලව මෙම ගිවිසුම අත්සන් තබනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය Minh Hoan Le මහතා මේ වනවිට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂණය වී තිබීම සම්බන්ධව තම සතුට පළ කළේය. ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවක පවතින සමයක වුවත් ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයේ දී ලබා ඇති ශක්‍යතාවය අගය කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැති ආර්ථික කඩාවැටීම නිසා ශ්‍රි ලංකාවේ ආහාර හිඟයක් මතුවේයැයි බොහෝ දෙනා උපකල්පනය කළ ද, රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙන්ම ගොවි ජනතාව බාධක නොතකා වගා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආහාර අර්බුදයකට මුහුණ නොදුන් බවත්, ඒ සම්බන්ධව අප රටේ ගොවි ජනතාවට සමස්ත ජනතාවගේ ප්‍රණාමය පළ කළ යුතු බවත් ප්‍රකාශ කළේය.මෙම අවස්ථාවට මෙරට රාජ්‍ය නිලධාරින් මෙන්ම වියට්නාමයේ රජයේ නිලධාරිහු ද කිහිප දෙනෙක් සහභාගි වී සිටියහ.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us