බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුවුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වල පොදු රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි, පැෆරල් සංවිධානය පවසයි.

ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බදු ගෙවන ලද පුද්ගලයින් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

අද (05) සිට පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවා රෑ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පසුගියදා සියදිවිනසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයාගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුල් උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයකු අද දිනයේ මහරගම ලැගුම්හලකදී සිය දිවි නසා ගෙන මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ld add copy

Latest News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින ඇප ලබා දීමට කොටුව මහෙස්ත...

Connet With Us