ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් තමා ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් මෙවර පොසොන් සමයේ වැඩි අතරේක බස් සේවවාක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

මෙරටට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වා දුන් සුප්‍රීම් ග්ලෝබල් සමාගම තවත් ඉතිහාසගත ආරම්භයක් සනිටුහන් කරමින් චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( (China’s Deep Space Exploration Laboratory - DSEL ) සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිස ඇත් බව එම සමාගම නිවේදනය කරයි.

2024 ජුනි 7 වන දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය (ECOSOC) සඳහා ශ්‍රී ලංකාව තේරී පත් විය.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යෝජනා ඉදිරිපත් කළ 14 දෙනාගෙන් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින් ලංසුකරුවන් අට දෙනෙකු තෝරාගෙන ඇති බව තොරතුරු ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us