ශ්‍රී ලංකාව, චීනය සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි…! Featured

Published in පුවත්
Sunday, 09 June 2024 17:27

මෙරටට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වා දුන් සුප්‍රීම් ග්ලෝබල් සමාගම තවත් ඉතිහාසගත ආරම්භයක් සනිටුහන් කරමින් චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( (China’s Deep Space Exploration Laboratory - DSEL ) සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිස ඇත් බව එම සමාගම නිවේදනය කරයි.

ජූනි මස 7 වන දා චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පරීක්ෂණායතනය (DSEL) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා 'Supreme Deep Space (Pvt) Ltd.' වන ශ්‍රී ලාංකේය සමාගම අදාල ගිවිසුමට එළඹ ඇත. මෙම දේශීය පුද්ගලික සමාගම ලෝකයේ නවතම ප්‍රවණතාව වන ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයන් හා ඒ ආශ්‍රිත සෙසු විද්‍යාත්මක හා තාක්ෂණික මෙහෙයුම් ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්පත් සම්බන්ධ කිරීම මෙම වන ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇති.

එම සමාගමේ නිවේදනය..

ජාතිය ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියැවෙමින් තිබේ. චීනයේ ඉතා සාර්ථක Chang'e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren )ගේ සහ ඔහුගේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට ආසියානු කලාපයේ මෙන්ම අභ්‍යවකාශ විෂයය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන කාගේත් දැඩි අවඩ්ධානයට යොමු වූ සැලකිය යුතු කුතුහලයක් ඇති කර ඇති අතර මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාව අත්පත් කර ගන්නට යන වාණිජමය මෙන්ම විද්‍යා හා තාක්ෂණ ජයග්‍රාහණයන් පිළිබඳව ද ප්‍රබෝධයක් ඇති කර තිබේ.

ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමක්

2024 මැයි 3 වන දින දියත් කරන ලද චීනයේ Chang'e 6 මෙහෙයුම ජාත්‍යන්තර අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබීය. මෙම සුවිශේෂී මෙහෙයුමේ ප්‍රධානතම අපේක්ෂාව වූයේ සෑමවිටම පෘථිවියට පිටුපා ඇති සඳේ අඳුරු කලාපය එනම් චන්ද්‍රයාගේ ඈත පැත්තට ගොඩ බැස්සවූයේ දක්ෂිණ ධ්‍රැවය-එයිට්කන් ද්‍රෝණියේ, එහි පැරණි බලපෑම් ඉතිහාසය පිළිබඳව පරීක්ෂා කිරීමටය. මෙය ලෝකයේ බොහෝ අභ්‍යවකාශ විශේෂඥයින් ගේ සැලකිය යුතු විද්‍යාත්මක උනන්දුවක් ඇති කලාපයකි.

සපැමිණි චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren ) ගේ Chang'e 6 හි අරමුණ වන්නේ චන්ද්‍ර සාම්පල කිලෝග්‍රෑම් 2 ක් පමණ පෘථිවියට ආපසු ලබා දීම, සඳෙහි සංයුතිය සහ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ පෙර නොවූ විරූ අවබෝධයක් ලබා දීමයි. මේ වන විට මෙම මෙහෙයුම අති සාර් ථක ලෙසින් ක්‍රියාත්මක වන අතර ලෝකයට මෙතෙක් අණාවරණය නොවූ අභ්‍යවකශයේ රහස් රැසක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ හෙළිදරව් වනු ඇත.

suprime 3

අභ්‍යවකාශ ගවේෂණයේ ශ්‍රී ලංකාවේ නව භූමිකාව

ශ්‍රී ලංකාවේ භූ පිහිටීමේ සුවිශේෂතා මත අභ්‍යවකාශ ගවේෂණයේ දී බොහෝ විෂයය ප්‍රවීණයන් ප්‍රමාණයක් එහි හැසිරීම හා ඉතිහාසගත කරුණු පිළිබඳව විශ්ලේෂණය කිරීමට පෙළඹී ඇති අතර මෙතෙක් ජාත්‍යන්තරය හා සහ සම්බන්ධ වෙමින් මෙම පරීක්ෂණ ඔස්සේ වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. මෙම දිගු කාලීන අඩුව සපුරාලමින් ජූනි මස 7 වන දා චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පරීක්ෂණායතනය (DSEL) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකේය සමාගමක් ස්ථාපිත කරනු ලබයි. 'Supreme Deep Space (Pvt) Ltd.' නම් වූ මෙම සමගම දේශීය පුද්ගලික ව්‍යවසායකත්වය මත බිහි වන අතර මෙරට තුළ ඇති දැනුමින් පෝෂිත මානව සම්පත නිසි ලෙස හඳුනා ගනිමින් ලෝකයේ නවතම ප්‍රවණතාව වන ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයන් හා ඒ ආශ්‍රිත සෙසු විද්‍යාත්මක හා තාක්ෂණික මෙහෙයුම් ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්පත් සම්බන්ධ කිරීම එමගින් සිදු වනු ඇති. මේ වන විටත් මෙම සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමාගම චන්ද්‍ර සහ අඟහරු මෙහෙයුම් ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය ගෝලීය අභ්‍යවකාශ ගවේෂණ සිතියමේ ශ්‍රී ලංකාව ස්ථානගත කරනවා පමණක් නොව, පෙරළිකාර විද්‍යාත්මක ප්‍රයත්නයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ජාතියට ඉඩ සලසයි.

ගෝලීය තරඟකාරිත්වය සහ උපායමාර්ගික සන්ධානයන්

අභ්‍යවකාශ ගවේෂණයේ වර්තමාන ගෝලීය භූ දර්ශනය අනුව මෙම හවුල්කාරිත්වය ඉතාමත්ම කාලෝචිත දැවැන්ත විද්‍යා හා තක්ෂණික අභිවෘද්ධියකට ශ්‍රී ලංකාවට මග පාදන ක්‍රියාවලියක් බව විශේෂයෙන් සැලකිය යුතු ය. මේ වන විටත් එක්සත් ජනපදයේ ආටෙමිස් වැඩසටහන, චීනයේ අභ්‍යවකාශ හා චන්ද්‍ර මෙහෙයුම් අභිලාෂයන් සමඟ තරඟ කිරීමට සූදානම් වන අතර, 2026 වන විට අභ්‍යවකාශගාමීන් සඳ මතට ගොඩ බස්වා එහි තිරසාර පැවැත්මක් ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන ඇත. මේ වන විට අභ්‍යවකාශ පරීක්ෂණ හා ජනපද නිර්මාණයට ඇති ඉඩකඩ වෙනුවෙන් පරීක්ෂණ කරන මෙම ප්‍රබල ජාතීන් දෙකම ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සමගින් සම්බන්ධ වීමට ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් සොයමින් සිටින අතර, එහි පාර්ශවකරුවෙක් ලෙසින් චීනය සමඟ ශ්‍රී ලංකාවේ සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( DSEL) සමගින් මෙසේ හවුල්කාරීත්වයකට එළෙඹීම මෙරට විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව කෙරෙහි විශාල සුබවාදී බලපෑමක් ඇති කරන, උපායමාර්ගික පෙළගැස්මක් ලෙසින් හඳුන්වා දිය හැක.

suprime7

ශ්‍රී ලංකාවට පෙරළිකාර සංවර්ධනයක්

මහාචාර්ය Wu Weiren ගේ සංචාරය මෙම සහයෝගීතාවයේ මූලෝපායික වැදගත්කම අවධාරනය කරයි. Supreme Deep Space ස්ථාපනය කිරීම අභ්‍යවකාශ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥතාව ඉහළ නැංවීමේ දූරදර්ශී ප්‍රවේශයට සාක්ෂියකි. නවෝත්පාදන සහ ගවේෂණ සංස්කෘතියක් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දිරිගැන්වීමට මෙම මුලපිරීම සූදානම් වේ. මෙම ඓතිහාසික සම්මුතිය මෙරට තරුණ පරම්පරාවට නැවුම් වෘත්තීය අවස්ථාවන් විවෘත කරමින් නැවුම් රැකියා වෙළෙඳපොලක් නිර්මාණය කරමින් ලෝකයේ අති දියුණු තක්ෂණයන් අතර ප්‍රමුඛතම කේෂ්ත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ විශ්ලේෂණයට මෙරට දරු දැරියන් සහභාගි කර ගනිමින් මෙම විශ්ලේෂණයන් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලාංකේය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ජාතියේ විද්‍යාත්මක හැකියාවන් ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන හරහා ඉඩකඩ සකසයි. සුප්‍රීම් ග්ලෝබල් හි මෙම අභියෝගාත්මක සහ නව්‍ය පියවර ශ්‍රී ලංකාව නම් වූ මෙම දූපත් රාජ්‍යය , ලොව ප්‍රබලතම විෂයය ක්ෂේත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් හා ලොව විශාලතම ගැඹුරු අභ්‍යවකාශ පරීක්ෂණයන්ට සහයෝගය දක්වන ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්වේ.

ශ්‍රී ලංකාව සහ චීනය අභ්‍යවකාශ ගවේෂණයේ නව මාවතක් සකස් කරයි: සහයෝගීතාවයේ ක්ෂේත්‍ර

Supreme Deep Space පුද්ගලික සමාගම සහ චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (China’s Deep Space Exploration Laboratory - DSEL) අභ්‍යවකාශ ගවේෂණය සහ තාක්‍ෂණය දියුණු කිරීම සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර කිහිපයක් ගෙනහැර දක්වා ඇත. විවිධ පර්යේෂණ මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ අද්විතීය විශේෂඥතාව සහ චීනයේ උසස් හැකියාවන් උපයෝගී කර ගැනීමට මෙම හවුල්කාරිත්වය අපේක්ෂා කරයි.

දේශීය ප්‍රවීණතා දත්ත ගබඩාවක් පිහිටුවීම

සුප්‍රීම් ඩීප් ස්පේස් අභ්‍යවකාශ මෙහෙයුම්වලට අදාළ ව දේශීය ප්‍රවීණතා ලැයිස්තුගත කිරීම සිදු කිරීමට අපේක්ෂිත අතර ඒ හරහා පුළුල් දත්ත ස එකතුවක් නිර්මාණය කරනු ඇත. මෙම දත්ත එකතුවට තාරකා භෞතික විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව සහ අභ්‍යවකාශ මෙහෙයුම් යටිතල පහසුකම් හා සේවා සම්පාදනය වැනි ක්ෂේත්‍රවල විශේෂිත දැනුමක් ඇති විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් ඇතුළත් වේ. මෙම මුලපිරීම තුළ ගොඩනැගුන චීන ශ්‍රී ලංකා සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බුද්ධිමතුන් හා විද්‍යාර්ථයින් ගෝලීය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දායක වන බව සහතික කොට පැවසිය හැකි අතර නුදුරු අනාගතයේදී වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් රැසක් මෙරට තරුණ පරපුර වෙනුවෙන් නිර් මාණය වනු ඇත.

suprime 2

ඉදිකිරීම් වලදී ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ

මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ ඉදිකිරීම් සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණයි. මෙම පර්යේෂණය මගින් චන්ද්‍රයා මතුපිට පෘෂ්ඨයේ ඇති පාංශු හා සෙසු ද්‍රව්‍ය යොදාගෙන (Lunar Regolith ) ඒවා භාවිතයෙන් සඳ මත ව්‍යුහයන් ගොඩනැගීම සඳහා ක්‍රමවේද සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර එමඟින් චන්ද්‍රයා මත ජනාවාස පිහිටුවීම, මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කිරීම හා සෙසු විද්‍යාත්මක ක්‍රියාකාරකම් වලදී එල්ලවිය හැකි බලපෑම් පිළිබඳව මනා පූර්ව නිගමයන්ට එළැඹීමටත් සිදු විය හැකි අවධානම් සහගත තත්ත්වයන් ගෙන් සුරක්ෂිතව සිටිමින් චන්ද්‍ර කඳවුරු පිහිටුවීමේ පිරිවැය සහ සංකීර්ණත්වය සැලකිය යුතු ලෙසඅඩු කර ගැනීමටත් හැකියාව ලැබේ. DSEL හි උසස් ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණයන් ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, හවුල්කාරිත්වය පෘථිවියෙන් පිටත ඉදිකිරීම් සඳහා පුරෝගාමී කොටසකරුවෙක් ලෙසින් විශාල මෙහෙවරක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට ද ඉඩකඩ සැලසෙයි.

චන්ද්‍ර ජලයෙන් ඔක්සිජන් නිපදවීම

සඳ මත ඇති ජල මූලාශ්‍ර පරිභෝජනයට සුදුසු අයුරින් ඔක්සිජන් ජනනය කොට තනුක කිරීමටත් එහි ඇති අහිතකර සංඝටක ඉවත් කොට අනාගත චන්ද්‍ර පරීක්ෂණ හා ජනාවාස ඉදිකිරීමේදී ජලය භාවිත කිරීමට හැකි ආකාරයට පරිවර්තනය කිරීමටත් ඊට අවැසි විද්‍යාත්මක හා තාක්ෂණික දායකත්වය ලබා දීමටත් සැලසුම් කොට ඇත. මෙම පර්යේෂණය අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා තීරණාත්මක ජීව ආධාරක සම්පත් සැපයීමට අවශ්‍ය පසුබිම සකස් කරන අත. මෙම ව්‍යාපෘතිය මඟින් ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමේ කාර්යක්ෂම ක්‍රම ගවේෂණය කරනු ඇත, සඳ මත මානව පැවැත්ම පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නිපදවීමට සූර්ය බලය උපයෝගී කර ගැනීමට ද අවශ්‍ය කටයුතු මෙම සමාගම් දෙකේ එකමුතුවෙන් සිදු කරනු ලබයි.

ග්‍රැෆීන් භාවිතයෙන් අභ්‍යවකාශ සෝපාන සංකල්පය ගවේෂණය කිරීම

ඇදහිය නොහැකි ශක්තිය සහ සන්නායකතාවය සඳහා ප්‍රසිද්ධ ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් භාවිතා කරමින් අභ්‍යවකාශ සෝපානයක ශක්‍යතා විමර්ශනය කිරීම ද මෙම චීන ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ අරමුණයි. මෙම අභිලාෂකාමී සංකල්පයට අනුව පෘථිවි පෘෂ්ඨයේ සිට භූ ස්ථායී කක්ෂයක් දක්වා සම්බන්ධිත ව්‍යුහයක් නිර්මාණය කිරීම, ද්‍රව්‍ය සහ පිරිස් අභ්‍යවකාශයට පිරිවැය-ඵලදායී ලෙස ප්‍රවාහනය කිරීමට හැකි වේ. මෙම ඒකාබද්ධ පර්යේෂණ මගින් ග්‍රැෆීන් නිෂ්පාදන ශිල්පීය ක්‍රම සංවර්ධනය කිරීම සහ අභ්‍යවකාශ සෝපාන තාක්‍ෂණය තුළ එහි යෙදුම පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

හික්කඩුවේ පහළ ගුරුත්වාකර්ෂණ බලපෑම් දර්ශනය

Supreme Deep Space පුද්ගලික සමාගම සහ චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (China’s Deep Space Exploration Laboratory - DSEL) ශ්‍රී ලංකාවේ හික්කඩුව කලාපයෙන් ප්‍රයෝජන ගනිමින් අඩු ගුරුත්වාකර්ෂණ බලපෑම් තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් එකඟතාවකට පිවිසෙන ලදි. මෙම ප්‍රදේශය, එහි අද්විතීය භූ විද්‍යාත්මක ලක්ෂණ සහිත, විවිධ ද්‍රව්‍ය සහ ජීව විද්‍යාත්මක පද්ධති මත ගුරුත්වාකර්ෂණය අඩු කිරීමේ බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා කදිම පරිසරය පසුබිමක් සපයයි. මෙම සොයාගැනීම් මගින් චන්ද්‍ර හෝ අඟහරු තත්වයන් තුළ විවිධ ද්‍රව්‍ය සහ ජීවීන් හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීමට නුදුරු අනාගතයේ දී අවකාශය සැලසෙනු ඇත.

suprime 4

TT&C, භූමි නිරීක්ෂණ සහාය හා තොරතුරු තාක්ෂණ සම්පත් බෙදා ගැනීම

මෙම සහයෝගිතාවය අවශ්‍ය මාර්ගස්ථ අධීක්ෂණය ( Tracking), දුරස්ථමානයන් ගණනය (Telemetry) , සහ විධාන යන් ක්‍රියාත්මක කිරීම (Command) TT&C සේවා සඳහා භූමි කොටස් භාවිතයේ දී ලබා දෙන සහායේ සිට, සහ තොරතුරු තාක්ෂණ සම්පත් බෙදාගැනීම

දක්වා විහිදේ. ශ්‍රී ලංකාවේ මූලෝපායික භූගෝලීය පිහිටීම් තත්ත්වය උපයෝගී මෙම විශේෂඥ දූත පිරිස විසින් සිදු කරනු ලබන සියලු පරීක්ෂණයන්ට මෙන්ම භූමි හා අභ්‍යවකාශ අධීක්ෂණය සහ පාලනය සඳහා යටිතල පහසුකම් සුප්‍රීම් ඩීප් ස්පේස් විසින් සපයනු ඇත. මෙම සහය පෘථිවිය මත පදනම් වූ ස්ථාන සහ අභ්‍යවකාශ යානා අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහ දත්ත හුවමාරුව සහතික කරනු ඇත, අභ්‍යවකාශ මෙහෙයුම්වල සමස්ත කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙම සාධක ප්‍රබල හේතුවක් වනු ඇත.

මෙහෙයුම් අධීක්ෂණ සහ පාලන සහාය

අවසාන වශයෙන්, Super Deep Space විසින් මෙම ජාත්‍යන්තර මෙහෙයුම අධීක්ෂණය සහ පාලනය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇත. උසස් තාක්‍ෂණයන්ගෙන් සමන්විත අති නවීන පහසුකම් ස්ථාපිත කිරීමෙන්, සමාගම DSEL හි මෙහෙයුම් සඳහා තත්‍ය කාලීනව සහාය දීමට කටයුතු කරයි. අභ්‍යවකාශ යානා මාර්ග අධීක්ෂණය, මෙහෙයුම් දත්ත විශ්ලේෂණය කිරීම සහ සහයෝගී අභ්‍යවකාශ ප්‍රයත්නවල සාර්ථකත්වය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතන සමඟ සම්බන්ධීකරණය මෙම ව්‍යාපෘති මෙහෙයුමට ඇතුළත් වේ.


Supreme Deep Space සහ DSEL අතර මෙම සහයෝගීතාවය ගෝලීය අභ්‍යවකාශ ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව තුන් වන ලෝකයේ රටක් සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරයි. දේශීය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් සහ අති නවීන පර්යේෂණ සඳහා දායක වීමෙන්, මානව වර්ගයාගේ යහපත සඳහා ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණය, නවෝත්පාදන සහ විද්‍යාත්මක සොයාගැනීම් සඳහා ප්‍රධාන සහයෝගීතාකරුවෙක් බවට පත් වන ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර අනන්‍යතාව නව මානයකට ගෙනියමින් අනාගත විද්‍යා හා තාක්ෂණය ජය ගන්නා අභිමානයෙන් යුක්ත රටක් ලෙසින් පරිවර් තනය වීමට සූදානමින් සිටී.

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීම සහ චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් Chang'e 7 සහ 8 වැනි මෙහෙයුම් ද මේ වන විට සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට ඇති බැවින්, DSEL සමඟ ඇති කරගන්නා මෙම සම්මුතීන් රටක් ලෙස ශ්‍රී ලංකවටත් දේශීය අර්ථිකයටත් ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

මෙම සියළු මෙහෙයුම් සඳහා දේශීය ව්‍යාපාරයක් ලෙසින් සුප්‍රීම් ස්පේස් පුද්ගලික සමාගම මෙම දැවැන්ත ආයතන හා ඝෘජුවම සම්බන්ධව කොටස්කරුවෙක් ලෙසින් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන ඒමට සමත් වන අතරම ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම්වල අනිවාර්ය කොටස්කරුවෙක් බවට මින් ඉදිරියට ශ්‍රී ලංකාව බවට පත්වීමට මග පාදමින් සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම කටයුතු කරනු ඇත.

(සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමගාම සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හී පූර් ණ අනුබද්ධිත ආයතනයක් ලෙසින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ගැඹුරු අභ්‍යවකාශ ව්‍යාපාර පිළිබඳ වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා කරුණාකර www.supreme.lk වෙත පිවිසෙන්න.)
අවසානයි

 suprime 5suprime1Signing 2

ඡායාරූප සබැඳි:
 චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren ) සහ දූත පිරිස මහනුවර පල්ලෙකැලේ සුප්‍රීම් ඩීප් ස්පේස් පරීශ්‍රයේ හා සුප්‍රීම් සැට් ටෙලිපෝට් හී නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.

 චීන නිල දූත පිරිස හා සුප්‍රීම් ස්පේස් නිලධාරීන් හා විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා අතර හමුව

 චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පරීක්ෂණායතනය (DSEL) හා සුප්‍රීම් ස්පේස් පුද්.සමාගම නිල ගිවිසුමට අත්සන් තැබීම:
මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren ) සහ සුප්‍රීම් ස්පේස් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන්

චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම - දූත පිරිස

 මහාචාර්ය වූ ර්‍රෙයින් - Chang'e 6 චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු - චීන චන්ද්‍ර ගවේෂණ හා අභ්‍යවකාශ තාක්ෂණ මධ්‍යස්ථානය

 වැන්ග් ෂොන්ග් මින්ග් අධ්‍යක්ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය - චීන ගැඹුරු අභ්‍යවකාශ පරීක්ෂණ විද්‍යායතනය

 ලියු යිංග් - නියෝජ්‍ය අධ්‍යක්ෂ ගැඹුරු අභ්‍යවකාශ පරීක්ෂණ විද්‍යායතනය - චීන ගැඹුරු අභ්‍යවකාශ පරීක්ෂණ ඉංජිනේරු අධ්‍යයනායතනය

 මහාචාර්‍යය සොයුහ් යොන්ග්ලියාඔ - චීන ජාතික අභ්‍යවකාශ විද්‍යා ආයතනය හා චීන විද්‍යා අධ්‍යයනායතනය

 චෙන්ග් යුඑසොන්ග් - සහකාර පර්යේෂක - චීන ජාතික අභ්‍යවකාශ විද්‍යා ආයතනය

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us