නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2023 වසරේ තෙවන වාරයේ දෙවන අදියර අද(05) ආරම්භ විය.

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද(05) ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

අද (05) සිට කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහැර මාවත හා නවම් මාවත අදියර 3 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

76 වන ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් යාපනය දෙමළ සිවිල් සංවිධාන එක්ව 76 වන ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරා ඇත.

ld add copy

Connet With Us