මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

අද කාලගුණ නිවේදනය

Published in පුවත්
Saturday, 03 August 2024 11:40

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යුධ තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීම ඇනහිටිනු ඇතිබවත්, එමගින් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇතිබව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයන්ගේ ආයතනය (Sri Lanka Institute of Industry Professionals - SLIIP) නිල වශයෙන් දියත් කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පැවැත්විණ.

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට සුදානම් බව කිතුනු පූජකවරුන්ගේ ජාලයේ මහලේකම් රත්නායක පියතුමන් පවසා සිටියි.

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us