අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

‘වටවල තේ’ නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා මෑතකදී නිකුත් කළ “Him, Her and Them” නම් කෙටි චිත්‍රපටය LGBTQI තේමාවන් ප්‍රවර්ධනය කළ බවට එල්ල වූ මහජන විවේචන හමුවේ ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ රජයේ අංශයේ ප්‍රථම වතාවට ශරීරයෙන් පිටත කලල සංසේචනය (IVF – In Vitro Fertilization) සේවාව ආරම්භ කිරීමට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සූදානම් වෙමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසනවා.

අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සතු ‘ලෝලියා ස්කින්’ සමාගම විසින් දිවයින පුරා බෙදාහරින ලද රූපලාවන්‍ය ක්‍රීම්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

අදත් මහා වරුසා

Published in පුවත්
Thursday, 16 October 2025 06:59

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ld add copy

Connet With Us