මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (17) නියම කළේය.

අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

විදුලි බිල සියයට 33ක අගයකින් අඩු කිරීමක් අද (ජන. 17) බලාපොරොත්තු වන බව සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

තැපැල් සේවකයන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට රජය නිසි අවධානය යොමු නොකරන්නේ නම් අරගලවලට යොමුවීමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ld add copy

Connet With Us