හිටපු සංචාරක අමාත්‍යවරයකු වූ නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සවස 4.00ට වාද්දුව වේරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබේ.

කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳහා රජයේ පාසල් අද (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.

2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ld add copy

Connet With Us