පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිදුවන කැට අයිස් බෙදාහැරීමේ ජාවාරමක් හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය පොලිසියට ඊයේ (27 වැනිදා) පස්වරුවේ අවසර දුන්නේය.

අද වැසි දිනයක්

Published in පුවත්
Friday, 28 February 2025 08:43

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැසයාම හේතුවෙන්,දෛනික විදුලි උත්පාදනයේදී සූර්ය පැනල සහ තාප විදුලි බලාගාරවලට මූලිකත්වය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබේ.

ld add copy

Connet With Us